ෆෝන් එක brick වෙනවා කියන්නේ මොකද්ද?
brick වෙනවා කියන්නේ, ෆෝන් එක පාවිච්චියට ගන්න බැරි තත්වෙට පත් වෙන එකට. ඒ කියන්නේ නමේ විදියටම කියනවනම් ගඩොලක්(brick) වගේ වෙන එකට. මෙහෙම වෙන්නේ මුලිකවම ඒ අදාළ ෆෝන් එකට නොගැලපෙන custom rom එකක් හරි firmware එකක් හරි ගැහුවොත් තමයි. තව නොගැලපෙන zip files, custom kernel flash කලහමත් brick වෙන්න පුලුවන්. brick වීම කොටස් 2යි.
1. Soft brick - ඒ කියන්නේ ෆෝන් එක on වෙන්නේ නෑ. ඒත් ෆෝන් එකට power එනවා. අඩුම ගානේ boot logo එක ගාවටවත් එනවා. මේක අපිටම හදාගන්න පුලුවන්. ඒ හදන විදිය ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට stock rom එක ගහලා හරි unbrick file එකක් flash කරලා හරි soft brick එක අපිටම හදා ගන්න පුලුවන්.
2. Hard brick - ඒ කියන්නේ ෆෝන් එක on වෙන්නේ වත් නෑ. ෆෝන් එක හරියට ගඩොලක් වගෙයි. මේක හදන්න පුලුවන්. ඒත් එක ගොඩක් අමාරු වැඩක්. ඕගොල්ලන්ගේ ෆෝන් එක මෙහෙම උනොත් අනිවා ෆෝන් ෂොප් එකකට අරන් යන්න වෙනවා. box එකක් ආදරයෙන් තමයි කඩවල එක කරන්නේ.
brick නොවී ෆෝන් එක බෙර ගන්නේ කොහොමද?
ඔයාගේ ෆෝන් එකට අදාල, ගැලපෙන firmware, custom rom, zip files, custom kernel විතරක් flash කරන්න. කව්රුත් කිව්ව පලියට නැතුව, තමන් හොයලා බලලා, google search කරලා, ඒ වැඩේ කරන්න. එතකොට ඔයාගේ ෆෝන් එක brick වෙන එකක් නෑ.
No comments:
Post a Comment