Social Icons

Pages

Featured Posts

Wednesday, August 27, 2014

ෆිල්ම් බාන්න පට්ටම app එකක්

අද මම කියන්න යන්නේ ෆිල්ම්ස් බාන්න පුලුවන් සුපිරි app එකක් ගැන.මේකෙ නම තමයි showbox අලුතෙන් එන ෆිල්ම්ස් සේරම මේකෙ update වෙනවා.එ වගෙම ඔයාට කමති video format එකකින් ඩවන්ලෝඩ් කරගන්නත් පුලුවන්.torrent දදා වද වෙන්න ඕනි නැත
කෙලින්ම ෆිල්ම් එක බාගන්න පුලුවන්.මෙන්න බාගන්න.එහෙනම් මන් විසි උනා..

Tuesday, August 26, 2014

Temple run 2 hack කරමු

මෙන්න මෙකයි කරන්ට ඕනි.මුලින්ම මෙක බාගන්නකො download මෙක පොඩි txt ෆයිල් එකක් 3.06 kb විතරයි.ඊට පස්සෙ ඔයාගෙ 4n එකේ file manager එකේ android කියලා එකක් තියනවනෙ එකෙ බලන්න com.imangi.templerun2 කියල එකක් තියෙනවා ඒක අස්සෙ files කියලා එකක් තියෙනවා ඔන්න ඕක අස්සට ගිහින් මන් අර දීපු txt ෆයිල් එක copy and replace කරන්න.ඔච්චරයි කොරන්ට තියෙන්නෙ.දැන් ගිහින් බලන්ටකො ගෙම් එකට ජෙම්,ගෝල්ඩ් කොච්චර තියෙනවද  කියලා.. ඔන්න අදට මන් ගියා.තව පෝස්ට් එකකින් සෙට් වෙමු

සිංහල ටයිප් කරන්න ලේසි ක්‍රමයක් මෙන්න

මෙන්න download කරගන්න හෙලකුරු.කියන්න තරම් දෙයක් නැත.මේක install කරලා සෙටින්ග්ස් වලින් active කරගන්න.එච්චරයි

android ෆෝන් එකෙන් wifi හැක් කරන්න පුලුවන්ද???

android ෆෝන් එකෙන් wifi හැක් කරන්න පුලුවන්ද??? බෑ

හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් ඕක. උත්තරේ තමයි. බෑ. ඊළගට, මොකද බැරි ඔය ඕනේ තරම් app තියෙන්නේ playstore එකේ. ඒවා ඔක්කොම fake apps. එකක්වත් වැඩ නෑ. wifi password කඩන්න පුලුවන් pc එකෙන්නම්. ඒත් ඒකට හොද දැනීමක් තියෙන්න ඕනේ linux ගැන. අනික wifi password එහෙම ලේසියෙන් app එකකින් කඩන්න පුලුවන් නම් එහෙම password දාන එකේ කිසි තේරුමක් නෑනේ. ඒ නිසා app පාවිච්චි කරලා hackersලා වෙන්න හදන හැමෝටම කියන්නේ. බොරු වැඩ වලට රැවටෙන්න එපා.

ෆෝන් එක brick වෙනවා කියන්නේ මොකද්ද?

ෆෝන් එක brick වෙනවා කියන්නේ මොකද්ද?

brick වෙනවා කියන්නේ, ෆෝන් එක පාවිච්චියට ගන්න බැරි තත්වෙට පත් වෙන එකට. ඒ කියන්නේ නමේ විදියටම කියනවනම් ගඩොලක්(brick) වගේ වෙන එකට. මෙහෙම වෙන්නේ මුලිකවම ඒ අදාළ ෆෝන් එකට නොගැලපෙන custom rom එකක් හරි firmware එකක් හරි ගැහුවොත් තමයි. තව නොගැලපෙන zip files, custom kernel flash කලහමත් brick වෙන්න පුලුවන්. brick වීම කොටස් 2යි.

1. Soft brick - ඒ කියන්නේ ෆෝන් එක on වෙන්නේ නෑ. ඒත් ෆෝන් එකට power එනවා. අඩුම ගානේ boot logo එක ගාවටවත් එනවා. මේක අපිටම හදාගන්න පුලුවන්. ඒ හදන විදිය ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට stock rom එක ගහලා හරි unbrick file එකක් flash කරලා හරි soft brick එක අපිටම හදා ගන්න පුලුවන්.

2. Hard brick - ඒ කියන්නේ ෆෝන් එක on වෙන්නේ වත් නෑ. ෆෝන් එක හරියට ගඩොලක් වගෙයි. මේක හදන්න පුලුවන්. ඒත් එක ගොඩක් අමාරු වැඩක්. ඕගොල්ලන්ගේ ෆෝන් එක මෙහෙම උනොත් අනිවා ෆෝන් ෂොප් එකකට අරන් යන්න වෙනවා. box එකක් ආදරයෙන් තමයි කඩවල එක කරන්නේ.

brick නොවී ෆෝන් එක බෙර ගන්නේ කොහොමද?

ඔයාගේ ෆෝන් එකට අදාල, ගැලපෙන firmware, custom rom, zip files, custom kernel විතරක් flash කරන්න. කව්රුත් කිව්ව පලියට නැතුව, තමන් හොයලා බලලා, google search කරලා, ඒ වැඩේ කරන්න. එතකොට ඔයාගේ ෆෝන් එක brick වෙන එකක් නෑ.

ඕනිම phone එකකට internet settings හදන්නෙ මෙහෙමයි

Phone එකට Internet Settings අහන හැමෝම වෙතයි:

ඕක අමුතුවෙන් අහන්න ඕනේ නෑ. කැමති කුනුහරුපයක් Name එකටයි APN එකටයි දාල save කරන්න විතරයි තියෙන්නේ. කුණුහරුප දන්නේ නැත්තම් කෙල්ලෙක්ගෙ නමක් හරි දාල save කරපන්. එතකොට වේගය වැඩි. 

ඇත්තම කිව්වොත් ඔයා උදාහරණයක් විදියට Dialog නම් පාවිච්චි කරන්නේ.
Name එකට Dialog හරි කැමති එකක් දෙන්න.
APN එකට dialogbb හරි dialog කියල හරි කැමති එකක් දීලා Save කරන්න. එච්චරයි.

ඒ වගේම...,

Proxy හා Port එකට කිසිම අගයක් දැමීමෙන් වලකින්න. එවිට PlayStore හරහා app download කරගැනීමට අපහසුතාවයක් ඇති වේ.

****සමහර Custom ROM වල මෙහෙම save කල විට save නොවෙන්න පුළුවන.. එවිට APN type එකට default ලෙස ලබා දී save කරන්න.****

එච්චරයි බන්...

අපි ගියා.තව පොස්ට් එකකින් සෙට් වෙමු

මොකක්ද මේ root කරනවා කියන්නෙ??

මෙ මගෙ පලවෙනි පෝස්ට් එක.මම හිතුවා පලවෙනි පොස්ට් එකෙන් ගොඩක් අයට වැදගත් පොස්ට් එකක් දෙන්න ඕනි කියලා.දැන් බලමු රූට් කරනවා කියන්නෙ මොකක්ද කියලා. ෆෝන් එකක් company එකෙන් එලියට එද්දි අපිට හම්බවෙන්නෙ guest හෙවත් low privilege විදිහට.
සාමාන්‍යය විදිහට අපිට ෆෝන් එක පාවිච්චි කරන්න පුලුවන්. ඒත් system එකට අත තියන්න බෑ. ඉතින් ෆෝන් එකේ system එකට අත තියන්න admin permission ඕනනම් මේ root කිරිල්ල කරන්න වෙනව.

# ඇත්තම ඔය Root කියන එක කෙරුවම ෆෝන් එකට මොකෝ වෙන්නෙ? #

මුලින්ම ෆෝන් එක root කෙරුව ගමන් වෙන දේ තමා warranty එක නැතිවෙන එක.

root කෙරුවම අපිත් high privilege user කෙනෙක් වෙනව කියල දැන් කට්ටිය දන්නවනෙ. හැබැයි ඔය root commands 100% වැඩ කරන්නනම් තවත් ෆයිල්ස් ටිකක් ඕන වෙනව.
ඒවට කියන්නෙ BusyBox Binaries ෆයිල් කියල. ඒවල තමා ඔය root commands ඇතුලත්වෙන්නෙ

# Root කරල අපිට කරගන්න පුලුවන් දේවල් මොනවද? #

මේ root කිරිල්ලෙන් ෆෝන් එක ගද්දි company දාල එවනම් කුණු ගොඩවල් සේරම අතුගාල දාන්න පුලුවන්. තව විදිහකින් කියනවනම් අපිට අනවශ්‍යය pre installed apps අයින් කරන්න පුලුවන්.
ඕවට සිංහලෙන් bloatware කියලත් කියනව.

තව දෙයක් තමා ඔය නිතර ඇහෙන custom rom / custom recovery කියන ඒව දාන්නත් root කරල තියෙන්න ඕන

තවත් තියනව. සමහර android developers ල හදන apps වලට root access ඉල්ලනව. අන්න ඒ වගේ apps use කරන්නත් root කරල තියෙන්න ඕන.

පලවෙනි පොස්ට් එක නිසා එච්චර දිග නැත (ලොල්) :v තව වැදගත් පොස්ට් එකකින් හම්බ වෙමු

 
Blogger Templates