Pages

Tuesday, August 26, 2014

මොකක්ද මේ root කරනවා කියන්නෙ??

මෙ මගෙ පලවෙනි පෝස්ට් එක.මම හිතුවා පලවෙනි පොස්ට් එකෙන් ගොඩක් අයට වැදගත් පොස්ට් එකක් දෙන්න ඕනි කියලා.දැන් බලමු රූට් කරනවා කියන්නෙ මොකක්ද කියලා. ෆෝන් එකක් company එකෙන් එලියට එද්දි අපිට හම්බවෙන්නෙ guest හෙවත් low privilege විදිහට.
සාමාන්‍යය විදිහට අපිට ෆෝන් එක පාවිච්චි කරන්න පුලුවන්. ඒත් system එකට අත තියන්න බෑ. ඉතින් ෆෝන් එකේ system එකට අත තියන්න admin permission ඕනනම් මේ root කිරිල්ල කරන්න වෙනව.

# ඇත්තම ඔය Root කියන එක කෙරුවම ෆෝන් එකට මොකෝ වෙන්නෙ? #

මුලින්ම ෆෝන් එක root කෙරුව ගමන් වෙන දේ තමා warranty එක නැතිවෙන එක.

root කෙරුවම අපිත් high privilege user කෙනෙක් වෙනව කියල දැන් කට්ටිය දන්නවනෙ. හැබැයි ඔය root commands 100% වැඩ කරන්නනම් තවත් ෆයිල්ස් ටිකක් ඕන වෙනව.
ඒවට කියන්නෙ BusyBox Binaries ෆයිල් කියල. ඒවල තමා ඔය root commands ඇතුලත්වෙන්නෙ

# Root කරල අපිට කරගන්න පුලුවන් දේවල් මොනවද? #

මේ root කිරිල්ලෙන් ෆෝන් එක ගද්දි company දාල එවනම් කුණු ගොඩවල් සේරම අතුගාල දාන්න පුලුවන්. තව විදිහකින් කියනවනම් අපිට අනවශ්‍යය pre installed apps අයින් කරන්න පුලුවන්.
ඕවට සිංහලෙන් bloatware කියලත් කියනව.

තව දෙයක් තමා ඔය නිතර ඇහෙන custom rom / custom recovery කියන ඒව දාන්නත් root කරල තියෙන්න ඕන

තවත් තියනව. සමහර android developers ල හදන apps වලට root access ඉල්ලනව. අන්න ඒ වගේ apps use කරන්නත් root කරල තියෙන්න ඕන.

පලවෙනි පොස්ට් එක නිසා එච්චර දිග නැත (ලොල්) :v තව වැදගත් පොස්ට් එකකින් හම්බ වෙමු

No comments:

Post a Comment

 
Blogger Templates